නීතියේ ආධිපත්‍යය, වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක්, මහජන ආරක්ෂාව හා ජාතික සමගිය යන කුළුණු මත රට ගොඩනැගිය යුතු බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතා නියෝජිතයන් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GwtctdjPJn8″]
මේ අතර ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබද මාධ්‍ය හමුවක් බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදි පැවැත්වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රටේ දේශපාලනය ඉහල තලයකට රැගෙන ඒම වෙනුවෙන් දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශය ජන ගත කළ බවයි. ***ජගත් විජේ