fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව හඳුන්වාදීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:06

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව හඳුන්වාදීමක්

ලබන වසරේ  සිට ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නව හදුන්වාදීමක් සිදු කිරිමට ඉන්දිය ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දිය ප්‍රිමියර් ලීග් කණ්ඩායමකට ක්‍රිඩා කරන ක්‍රිඩකයින් 11 දෙනාට අමතරව තවත් අතිරේක ක්‍රිඩකයෙකු පවර් ප්ලේයර් නමින් කණ්ඩායමට ඇතුලත් කිරිම සදහා අවස්ථාව සලසා දීමටයි අවධානය යොමුව ඇත්තේ. එම ක්‍රිඩකයා අදාළ කණ්ඩායමට අයත් මූලික 15 දෙනාගේ යුත් සංචිතයට ඇතුලත්ව සිටිය යුතුයි. අනතුරුව අවශ්‍යතාවක් ඇති වුවහොත් එම ක්‍රිඩකයා තරගය අතරතුරදී කණ්ඩායමට ඇතුලත් කිරිමේ අවස්ථාව හිමි වනු ඇති. මෙහිදි අවසන් 11 දෙනා අතරට ක්‍රිඩා නොකරන ක්‍රිඩක විවේගාරයේ රැදි සිටින ක්‍රිඩකයෙකුට අවසන් පනන්දුවාරය ක්‍රිඩා කිරිමට පමණක් පිටියට පිවිසිමේ අවස්ථාව හිමි වනවා. මෙම නව ක්‍රමවේදය සදහා මේ වන විටත් අනුමැතිය හිමිව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තරග සංවිධායකින් අතර සාකච්ඡා සිදු කිරිමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්