fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියා ක‍්‍රීඩා උළෙළට සහභාගී වන බැඩ්මින්ටන් සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 09:39

දකුණු ආසියා ක‍්‍රීඩා උළෙළට සහභාගී වන බැඩ්මින්ටන් සංචිතය නම් කෙරේ

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්විමට නියමිත දකුණු ආසියා ක්‍රිඩා උළෙළට සහභාගිවන  24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී බැඩ්මින්ටන් සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු ආසියා ක්‍රිඩා තරගාවලිය ලබන මාසයේදී ආරම්භවීමට නියමිතයි. ඒ සදහා වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම මේ දිනවල සිය පුහුණුවිම් කටයුතුවල නිරතවනවා. නිලුක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක යන ක්‍රිඩකයින් එම සංචිතයට ඇතුලත්ව සිටියද ඔවුන් දෙදෙනා මේ වන විට අබාධ තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලබන 14වනදා පැවැත්වෙන අවසන් තේරිම් තරග සදහා ඔවුන් දෙදෙනා සහභාගිවීමට නියමිත බවයි බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති පාලිත හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 09:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්