fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ නවතම පරීක්ෂණය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 18:27

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ නවතම පරීක්ෂණය

දකුණු ආසියාව ගෝලීය ආර්ථික වර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියාතික රටවල් ලබමින් සිටින සීඝ්‍ර ආර්ථික සංවර්ධනය නිසා 2040 වසර වන විට ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ දකුණු ආසියාව මත රඳා පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ පර්යේෂණයකදී හෙළිවී ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ගණනය කිරීමේදී දකුණු ආසියා කලාපයට ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය ඇතුළත් කෙරෙන්නේ නැහැ. මේ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය හා මාලදිවයින මෙම ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය අත්කර ගනු ඇති බව පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා. වෙළෙඳපොළ නිදහස් කිරීම මෙන්ම දකුණු ආසියා කලාපය තුළ සිටින තරුණ හා පුළුල් ශ්‍රම බලකාය ඉදිරි ආර්ථික වර්ධනය කෙරෙහි විශේෂයෙන් බලපානු ඇති. 2030 වසර වන විට කලාපයේ මිලියන 150 ක ජනතාවක් අලුතින් ශ්‍රම බලකායට එක්වීමට නියමිතයි. මෙම ශ්‍රම බලකාය සඳහා ගුණාත්මක පසුබිමක් සැපයීම තුළින් කලාපයට ශක්තිමත් ආර්ථික වර්ධනයක් ඇතිකර ගත හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාසිටිනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ශ්‍රම බලකාය භූතානය, නේපාලය ආදී රටවලට සාපේක්‍ෂව ඉදිරියෙන් සිටින්නක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්