වාරියපොළදී පැවති පොදුජන පෙරමුණු රැළියක් අතරතුර පහරදීමකට ලක් වූ රණවිරුවාගේ සුවදුක් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සොයා බැලුවා.
වාරියපොළදී පොදුජන පෙරමුණේ ජනහමුවක් පැවැත්වෙන අවස්ථාවේ ඒ ආසන්නයේ මාර්ගයකින් ගමන් ගත් මෙම රණවිරුවාට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී හේරත් මහතාගේ ආධාරකරුවෙකු පහර දුන් බවටයි වාර්තා වුණේ. එම පහර දීමෙන් තුවාල ලැබූ රණවිරුවා මේ වන විට වාරියපොළ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල වෙත ගිය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඔහුගේ සුවඳුක් සොයා බැලුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8H0I8D_sy78″]