fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසර දක්වා කල්යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:52

විමල් ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසර දක්වා කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 17 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මහජනයාට හිරිහැර වන පදිරි රථවාහන ධාවනයට බාධාවන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. 2016 වසරේ පෙබරවාරි 06 වනදා ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ උද්ඝෝෂණයක් සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්