පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී පස්වරුවේ ආරම්භ වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සමුළුවට සහභාගී විම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලිය සංගමයේ ලේකම් පැට්ට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මිය ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ අධිකරණ අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු අමාත්‍යංශ නිලධාරින් ඇය පිළිගෙන තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව ලබන අට වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එම කාලසිමාව තුළදී රටවල් අතර පවතින නීති පද්ධතිය, නීති පිළිබඳ දැනුම හුවමාරුව, සිවිල් නීති පද්ධතිය සහ කලාපීය සහයෝගිතාව ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කරන බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.