නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම 75%කින් පමණ අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනය විශේෂ බෙදාහැරිමේ දිනයක් ලෙසයි ක්‍රියාත්මක වුණේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදස් අනූ හයක් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2672ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ පසුගිය අට වනදා සිට ඊයේ දක්වායි. මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 2553ක්ද ඊට ඇතුළත්. ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානයට මෙන්ම දිස්ත්‍රික් පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානයට මෙම තොරතුරු ලැබී තිබෙනවා.