13 වන දකුණු ආසියා ක්‍රිඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර තිබෙනවා.
එය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියට යොමු කර ඇති බවයි ශ්‍රි ලංකා මළල ක්‍රීඩා සංගමය පවසන්නේ. ක්‍රීඩා උළෙල ලබන මස පළමු වනදා නේපාලයේ කත්මණ්ඩු නුවරදි ආරම්භ වීමට නියමිතයි. 12 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙල පසුගිය වසරේ ඉන්දියාවේ දී පැවැත්වුණා. එහිදි ශ්‍රි ලංකාව මළල ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම් නවයක් ලබාගෙන තිබෙනවා.