නේපාලයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මිය ගිය අය අතර කුඩා දරුවන් 7 දෙනෙකු ද වනවා. මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථය ඉන් ඉවතට පැන අසල තිබූ ගංගාවකට වැටී තිබෙනවා. අඩි 165 ක් පමණ පහතින් පිහිටි ගංගාවකටයි බස් රථය මෙසේ පෙරළී ඇත්තේ. බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සිරුරු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි. අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ කොපමණ පිරිසක් සිටියා ද යන්න තවමත් සොයාගෙන නැහැ.