දකුණු අප්රිකා ජනාධිපති සිරිල් රමෆෝසා මහතා හදිසියේම දිවයිනට පැමිණියා.
දකුණු අප්රිකා ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපලෙන් හදිසියේ දිවයිනට පැමිණියේ ජපානයේ සිට සිය රට බලා යමින් සිටියදීයී.ඒ සිය යානයට ඉන්ධන ලබා ගැනීම සඳහායි. ඒ මහතා සමඟ එරට උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියා. දකුණු අප්රිකා කණ්ඩායම 2019 රග්බි ලෝක ශූරතාව දිනාගත්තා. ජපානයේ පැවති එම තරගය නරඹා යළි සිය රට බලා යමින් සිටි දකුණු අප්රිකා ජනාධිපතිවරයා වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේදී කෙටි උත්සවයක් ද පැවැත්වුණා.