fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාරුක් ඛාන්ගේ උපන් දින උත්සවය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 13:00

ශාරුක් ඛාන්ගේ උපන් දින උත්සවය

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ 54 වන උපන් දිනය ඊයේට යෙදී තිබුණා. 1965 වසරේ නොවැම්බර් දෙවන දා උපත ලැබූ ශාරුක් ඛාන් ලොව පුරා ජනාදරයට පත්වූ සුපිරි තාරකාවක්. 1988 වසරේ සිය වෘත්තීය රංගන දිවිය ආරම්භ කළ ශාරුක් ඛාන් තවමත් ආදායම් වාර්තා තබන චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විදුලි බුබුළුවලින් අංකාරවත් කරමින් ඔහුගේ උපන්දිනයට සුබ පැතුම් එක්කර තිබුණා. මධ්‍යම රාත්‍රියේ සිටම ඔහුගේ නිවස ඉදිරිපිටට රැස් වූ දහස් සංඛ්‍යාත රසිකයින් ද ඔහුට සුබපැතුම් එක්කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්