fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 09:59

අද නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

අද(03) නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස කටයුතු කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

ලබන 9 වනදා වනවිට නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය 25 වනදා ඒවා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම සිදුවුණා. ස්ථිර සේවකයන්ට අමතරව නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරිම සඳහා තාවකාලිකව සේවකයන් ද යොදාගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නොවැම්බර් 8 වනදා වනවිට නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමටයි නියමිත. යම් ලෙසකින් ඡන්ද දැන්වීම් පත‍්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පති‍්‍රකාව ලබාගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්