fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ සංතරණ සන්නිවේදන පද්ධතිය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 17:47

ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ සංතරණ සන්නිවේදන පද්ධතිය විවෘත කෙරේ

ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ සංතරණ සන්නිවේදන පද්ධතිය විවෘත කෙරුණා.

ගුවන් සංතරණ සේවාව ගගන සන්නිවේදනය හා ගගන සංතරණ ලෙස කොටස් දෙකකින් සමන්විතයි. ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නාවික සැතපුම් ලක්ෂ හයක පමණ වූ සීමාව තුළ ගුවන් මාර්ග 14ක් පුරා ගුවන්යානාවලට අවශ්‍ය මාර්ග සංඥා සහ අනෙකුත් සේවා සැපයෙනවා. මෙ‍තෙක් පැවති පැරණි සන්නිවේදන පද්ධතිය ඉවත් කර නව ගුවන් යානා දත්ත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කෙරුණා.

එමගින් දත්ත ඇතුලත් කිරිම ස්වයංක්‍රීයව සිදු කිරිමට පහසුකම් සැපයෙනවා. මෙම නව ව්‍යාපෘතිය මගින් ගගන නාවික සේවාව වඩා කාර්යක්ෂමව හා නිවැරදිව සැපයීමට හැකිවන අතර එමගින් අපගේ ගුවන් කලාපය තුළ වඩා ආරක්ෂාකාරිව ගුවන් මෙහෙයුම් සිදු කිරිමට හැකියාව පවතිනවා. වන්තොටුපල හා ගුවන්සේවා සමාගම මගින් මෙම ව්‍යාපෘතිය සදහා මිලියන 82ක මුදල වැය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්