fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපුල රත්නසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 12:28

විපුල රත්නසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට

ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වැඩසටහන් විපුල රත්නසිරි මහතා අභාවප්‍රාප්ත වුනා.

ස්වාධීන රූපවාහිනය ආරම්භ කළ අවධියේදීම 1979 වසරේ සේවයට එක්වූ ඒ මහතා 1994 වසරේදී නාට්‍ය ඒකකයේ ප්‍රධානියා බවට පත්වුණා. අනතුරුව සහකාර කළමනාකරු වැඩසටහන්,  වැඩසටහන් කළමනාකරු හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් ලෙස තනතුරු කිහිපයක් හෙබවූවා. ස්වාධීන රූපවාහිනියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ මහතා විශාල සේවාවක් ඉටුකළා.

අභාවප්‍රාප්ත විපුල රත්නසිරි මහතාගේ දේහය අංක 375 පන්සල පාර වෑබඩ උතුර කිරිල්ලවල කඩවත යන නිවසේ තැන්පත්කර තිබෙනවා. අවසන් කටයුතු හෙට (03) පස්වරු 4 ට වෑබඩ උතුර පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2019 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්