ශ්‍රී‍්‍ර ලංකාවට පිරිනමන ණය මුදලේ තවත් වාරිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකා ඩොලර් මිලියන 164 ක වාරිකයක් ලබාදීමටයි ඊයේ (01) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඩොලර් බිලියන එකයි දශම පහක ණය මුදලක් ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදීමට මූල්‍ය අරමුදල අනුමැතිය ලබාදුන්නේ 2016 වර්ෂයේදී.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අඩාලවූ ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථිකය යලි ශක්තිමත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙනවා.