චීනයෙන් ඇණවුම් කළ බලවේග කට්ටල හතරක් මේ වසරේදී ශ්රී්ර ලංකාවට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
එරටින් නව බලවේග කට්ටල 9 ක් ඇණවුම් කර තිබෙනවා. මේ වසරේ ලංකාවට ගෙන එන බලවේග කට්ටල සියල්ලම උඩරට මාර්ගයේ ධාවනයට යෙදවීමයි සැලසුම. කොළඹ මහනුවර අතර ධාවනයට ළඟදීම තවත් දුම්රියක් එක් කෙරෙනවා.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන දෙනුවර මැණිකේ දුම්රිය නිල වශයෙන් ගමන් ආරම්භ කිරිම ඊයේ (01) සිදුවුණා. ඊයේ (01) පෙරවරු 6.45 ට කොළඹ කොටුවෙන් පිටත්වූ දුම්රිය බදුල්ලට ළඟා වුණේ පස්වරු 3.27 ට. අද එම දුම්රිය පෙරවරු 7.20 ට බදුල්ලෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරනවා.