fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන T20 තරගයේ ජයත් ඔස්ටෙ‍්‍රිලියාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 18:32

තුන්වන T20 තරගයේ ජයත් ඔස්ටෙ‍්‍රිලියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන්  තරගයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07ක ජයක් වාර්තා කිරිමත් සමගයි.

මෙල්බන්හි පැවැති තරගාවලියේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම  පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 33කදී බිද වැටුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 57ක් ලබා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 142ක් රැස් කළා.

පන්දු යැවිමේදී පැට් කමින්ස්,  කේන් රිචඩ්සන්, සහ මිචෙල් ස්ටාක් කඩුලු 02 බැගින් බිද හෙලුවා. ජයග්‍රහණය සදහා ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලයාව පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා. මෙම තරගාවලියේදී අඛණ්ඩව තුන්වන වරටත් ලකුණු 50 සීමාව පසු කර ගිය ඩේවිඩ වෝනර් නොදැවී ලකුණු 57යි.

ඔහුව මෙම තරගාවලියේ කිසිදු තරගයකදී දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි විම විශේෂත්වයක්. ඩේවිඩ් වෝනර් තරගාවලියේ සහ තරගයේ වීරයා බවට පත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 18:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්