පරිසර සංරක්ෂණය කිරීම සදහා ප්රමුඛ ව්‍යාපෘති වෙනුවෙන් තම අධීක්ෂණය යටතේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාතික පරිසර ප්රඥප්තියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ජාතික පරිසර ප්රඥප්තියට අත්සන් කර සමාජගත කිරීමේ ඓතිහාසික වැඩසටහන අද පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිසර සංරක්ෂණය/ වනජීවී සංරක්ෂණය සහ වනගහනය වර්ධනය කිරීමේ ප්‍රමුඛතා ව්‍යාපෘති ඉලක්ක කරගනිමින් මෙම ප්රඥප්තිය සකස් කර තිබෙනවා. ක්ෂේත්රයේ හසළ අත්දැකීම් ඇති පරිසර විද්‍යාඥයන්/ පරිසරවේදීන් සහ සිවිල් පරිසර ක්‍රියාකාරීන් රැසක් මේ සදහා දායකත්වය ලබා දී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/94aUL22ItsM”]