පාකිස්ථානයේ සමූහ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙනවා.
ඒ ඊයේ (31) සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය පිරිස වෙනුවෙන්. ගෑස් කාන්දුවක් හේතුවෙන් දුම්රිය ගිනි ගැනීමෙන් අනතුර සිදුවුණේ එය කරච්චි සිටි රාවල්පිණ්ඩි බලා ගමන් කරමින් තිබියදී.
74 දෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. රෝහල් වලින් සිරුරු ලබාදෙන ආකාරය අනුව සමූහ අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙන බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ.