පාසල් 665 කට ලැප්ටොප් පරිගණක පහළොස් දහස් හාරසිය හතළිස් පහක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට නව තාක්ෂණය යොදා ගැනීම වෙනුවෙන්. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. දිවයිනේ සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6, 11 ශ්‍රේණි සහිත ද්විතික පාසල් සඳහායි පරිගණක පිරිනමන්නේ.
ඒ වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 200 ක්. එක් එක් පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පොදු ක්‍රමවේදයක් යටතේ ලැප්ටොප් පරිගණක ලබාදෙන බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.