දකුණු කොරියාවට අයත් හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
හෙළිකොප්ටර් යානයේ ගමන් ගත් 7 දෙනා දකුණු කොරියා ජාතිකයින් බවයි වාර්තා වන්නේ.
ජපානයේ සිට රෝගියෙකු රැගෙන යමින් සිටියදීයි ඩොක්ඩෝ දූපත ආසන්න මුහුදට මෙම හෙළිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ.
මෙය දකුණු කොරියාවේ මුදා ගැනීමේ ඒකකයට අයත් හෙළිකොප්ටර් යානයක්. අතුරුදන් පිරිස සෙවීමට වෙරළාරක්ෂක නිලධාරීන්, කිමිදුම් කරුවන් යොදවා ඇති බව වාර්තා වනවා.