fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය සහ වේල්සය තුන්වන ස්ථානය සඳහා අද සටනේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 10:44

නවසීලන්තය සහ වේල්සය තුන්වන ස්ථානය සඳහා අද සටනේ

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ නවසීලන්තය සහ වේල්සය අතර තුන්වන ස්ථානය සදහා වන තරගය චෝෆුහිදී අද පැවැත්වනවා.

වේල්ස් කණ්ඩායම වෙනස්කම් නවයක් ද සමගින් මෙම තරගයට පිවිසිමට නියමිතයි. 1953 වසරෙන් පසුව වේල්සය  නවසීලන්තය පරාජය කිරිමට සමත් වී නැහැ.

එම කාලය තුළ දෙරට අතර පැවති තරග සියල්ලේම ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත්වුණා.

මෙහිදි අවසන් පූර්ව තරගයට සහභාගි වූ ප්‍රබල ක්‍රිඩකයින් නව දෙනෙකු ඉවත් කරමින් මෙම තරගයට නවක ක්‍රිඩකයින් රැසක් එක්කර තිබෙනවා.

වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වොරන් ගැට්ලන්ඩ් මෙම තරගයෙන් පසුව පුහුණුකරු ධූරයෙන් සමුගැනිමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායම ද වෙනස්කම් අටක් සමගින් අද තරගයට පිවිසිමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 10:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්