බ්‍රසීලයේ ලැව්ගිනි වලින් මේ වන විට හෙක්ටාර පනස් දහසක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බව බලධාරින් ප්‍රකාශ කළා.
සතියකට පමණ පෙර ආරම්භ වූ ලැව්ගිනි අධික උෂ්ණත්වය සහ සුළං හේතුවෙන් ව්‍යප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
තෙත් බිම් රැසක් ද ඉන් විනාශ වී තිබෙනවා. පසුගිය බදාදා සිට ගිනි ගැනිම් අට දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වන සංරක්ෂණ නිලධාරින් සදහන් කළේ.
වසරේ ගතවු කාල සීමාවේදි වනාන්තර ගිිනි ගැනිම් එක් ලක්ෂ හැට හත් දහසකට වැඩි ගණනක් සිදුව ඇති බව ද බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.