පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට
Related Articles
පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් 74 දෙනෙකු මියගියා. කරච්චි සහ රාවල්පින්ඩි අතර මාර්ගයේ දි හටගත් ගින්නෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මගියෙකු දුම්රිය මැදිරියක සිට උදෑසන ආහාරය සැකසීම සදහා ගෑස් සිලින්ඩරයක් භාවිත කිරිමේ දි එය පුපුරා ගොස් ඇති බව දිවිබේරාගත් පිරිස ප්රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබද කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසයි පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් නිලධාරින්ට නියෝග කළේ.