fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාචාර්ය ආනන්දට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 18:12

මහාචාර්ය ආනන්දට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු කොට ඇති බව දැන එය සිදු කළ වරදකරුවන් දඩුවමින් ආරක්ෂා කිරීමේ අරමුණින් තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථාන ගත කිරීම සම්බන්ධයෙනුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.  මෙම මරණයට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිවද මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්