45 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට මෝටර් රථ දෙකක් පරිත්‍යාග කෙරුණා.
ඒ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණේ බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරායි. ඔහු උස පැනීමේ ඉසව්වෙන් මීටර් දෙකයි දශම එකයි දෙකක දක්ෂතාවක් පෙන්නුම් කළා. දක්ෂතම ක්‍රීඩිකාව බවට බස්නාහිර පළාත නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි පත්වුණා. මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 13 යි දශම නවයකින් නිම කරමිනුයි ඇය දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මෙම මෝටර් රථ දෙක පරිත්‍යාග කර ඇත්තේ.