දසරාජ ධර්මය මූලික කර ගනිමින් යුක්තිය ඉටුවන මානව අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන යුගයක් බිහිකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත්ගේ සමාජ විප්ලවය නමින් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ජාතික සංහිදියාව තුළින් ඒකීය රටක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.
ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය ඓතිහාසික මහනුවර රැජිණ හෝටලයේ පැවති අතර උත්සවයට සහභාගී වීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු හා අස්ගිරි මහනාහිමියන් බැහැදැක පිළිගැන්විමෙන් අනතුරුවයි. ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය අන්‍යාගමික නායකයින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද සහභාගී වී සිටියා. උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වුයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/tXy4xY7wq4g”]