ඇහැළියගොඩ එපිටවෙල එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් අද (30) අලුයම ගිනි තබා තිබෙනවා. කාර්යාලය පවත්වාගෙන ගියේ ඇහැළිගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මහතාගේ සංවිධායකත්වයෙන්.
එක්සත් ජාතික පෙරමුණේ ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කාර්යලයක් ද ඊයේ (29) රාතී‍්‍රයේ කඩා බිඳදමා ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කළා. බේරුවල ආදිල් බාකිර් මාර්කර් මාවතේ නාම පුවරුව ද විනාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.