එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද නිකුත් කෙරුණා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය මගින්.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිය බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදිනු ඇති. එහි ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි අටක් ප්රදානය කෙරෙනවා. මෙහි මංගල ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගැන්වීම මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරුණා. මින් ලැබෙන ආදායම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා මහා භාණ්ඩාගාරය වෙත බැර කෙරෙනු ඇති.