ජනතාවට ජනාධිපති වෙත ඍජුව ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් හදන බවට සජිත් සහතික වෙයි
Related Articles
රටට අවශ්‍ය වන්නේ කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි එඩිතර නායකත්වයක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් වත්තල නගරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා.
මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් කිරුළපන නගරයේදී ද පැවැත්වුණා. ඊට ද විශාල පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට ගැන සිතා තම ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කළ නමුත් තවමත් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි.