පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 124 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංගනය කිරීම් 117 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා ලැබුණු සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 2138 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා දැනුම් දෙන්නේ.