fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය පහසුකම් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:52

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ණය පහසුකම් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක ණය යෝජනා ක‍්‍රම මගින් ලබාදෙන පහසුකම් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට ප‍්‍රතිලාභින් හතලිස් දහස් දෙසිය හතළිස් දෙනෙකුට රුපියල් මිලියන හැත්තැ දහසකට අධික මුදලක් ලබාදී තිබෙනවා. මගේ අනාගතය ණය යෝජනා ක‍්‍රමය උසස් පෙළ සිසුන්ගෙන් ඔබ්බට ක‍්‍රියාත්මක කිරිමත් අරමුණක්. මාධ්‍ය අරුණ ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරිමේ කාලය ලබන වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ණය ලබාදීම මගින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනිම සඳහා අවශ්‍ය සහාය ලබාදීමත් අරමුණක් බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර ජාතික ළමා ආරක්ෂක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරිම සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වුණා. සුරක්ෂිත හා හිංසනයෙන් තොර පරිසරයක් ළමුන්ට උරුම කරදීමයි අරමුණ. පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කර මෙම ප‍්‍රතිපත්තිය සකස් කළ බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්