fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උමා ඔය ව්‍යාපෘතියේ තවත් ජලාශ හතරක් අද විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:39

උමා ඔය ව්‍යාපෘතියේ තවත් ජලාශ හතරක් අද විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති කිහිපයක් අද (30) ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

අලිකොටආර, ඩයබරා, පුහුල්පොළ සහ හඳපානගල ජලාශ විවෘත කිරිමත් ඊට අයත්. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඒවා ජනතා අයිතියට පත්කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. අලිකොටආර ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5200ක්. කරඳගොල්ල භූ ගත ජල විදුලි බලාගාරය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරිමටත් සැලසුම් කර තිබෙනවා.

එය සම්පුර්ණයෙන් අවසන් වන්නේ ලබන වසරේදී. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව. නව ඉඩම් හෙක්ටාර 4500ක් හා දැනට වගා කරන ඉඩම් හෙක්ටාර 1500කට වාරි ජලය සැපයීමත් ඒ අතර වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්