අයිඑස් ත්රස්ත නායකයා ඝාතනය කිරීමේ මෙහෙයුම එම ත්රස්තයන් අතින් මිය ගිය කයිලා මුලර් නමින් නම් කෙරුණා.
2013 වසරේ උතුරු සිරියාවේ රෝහලකදී අයිඑස් ත්රස්තවාදීන් පිරිසක් එක්ව ඇය පැහැර ගත්තා. ඒ වන විට කයිලා මුලර් 26 වන වියේ පසුවුණා. ඇය සහන සේවිකාවක්. අයිඑස් ත්රස්ත නායකයා ඇය රදවා ගෙන සිටි අතර අපයෝජනයට ද ලක්කර ඇති බව සඳහන්. 2015 වසරේදී ඇය ගුවන් ප්රහාරයකින් මිය ගියා.
කෙසේ වුව ද කයිලා මුලර්ගේ සිරුර හෝ ඇයගේ දෙමව්පියන්ට භාර දීමට අයි එස් ත්රස්තයින් ක්රියා කළේ නැහැ. අල් බග්දාදි ඝාතනය කිරීමේ මෙහෙයුමේ සියලුම ගෞරවය ඇයට හිමිවිය යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියා. අයිඑස් ත්රස්ත නායකයා ඇමෙරිකා මෙහෙයුමකදී ඝාතනය කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පෙරේදා තහවුරු කළා.