fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පැනවූ තහනම් නියෝගය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 14:51

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පැනවූ තහනම් නියෝගය තවදුරටත්

ජනාධිපතිතුමාගේ අවසර මත මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව මෙම පෙත්සම් ඉදිරි දිනක අගවිනිසුරුවරයා ප්‍රමුඛ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට යොමු කරන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දැනුම් දුන්නා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයා, නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්