fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 10:17

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට්  තරගය හෙට බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 134කින් ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.  ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇති. ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාක් හෙට තරගයට ක්‍රිඩා කිරිමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ ඔහු සිය සහෝදරයාගේ මංගල උත්සවයට සහභාගිවීම හේතුවෙන්. ස්ටාක් වෙනුවට හෙට තරගයට ෂෝන් ඇබෝට් හෝ බිලී ස්ටැන්ලේක් ක්‍රිඩා කිරිමට ඉඩ තිබෙනවා. ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියා සංචිතයට කැදවනු ලැබුවේ මාර්ෂ් එක්දින කුසලානයේදී දක්වනු ලැබු දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 10:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්