ආසියා ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරන ආසියා කුසලාන නැගිඑන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ආර් ප්‍රේමදාස ක්රිඩාංගනයේදී අද පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දිය කණ්ඩායම් අතරයි.
තරගාවලියට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ අතර ඒ හේතුවෙන් තරග කිහිපයක් අතහැර දැමීමට තරග සංවිධායකවරු පසුගියදා තීරණය කළා. එහිදි පාකිස්තානය සමග පැවති තරගයෙන් පෙරළිකාර ජයක් හිමි කර ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා. මේ අතර බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කාන්තා නැගි එන කණ්ඩායමයයි. ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමත් වුනා.