පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් පහක් ජාතික පාසල් ලෙස නම් කිරීම අද සිදු කෙරුණා. ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
තෝපාවැව මහා විද්‍යාලය, කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය,විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමුන මහසෙන් මහා විද්‍යාලයයි මෙසේ ජාතික පාසල් ලෙස නම් කෙරුණේ. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙම පාසල් සංවර්ධනය කිරීමෙන් අනතුරුවයි ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු කළේ. තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීම, ක්‍රීඩාපිටි සංවර්ධනය,සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරිම ඇතුළු එම පාසල්වල සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පත් කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා.