චීනයේ ගන්සු ප්රදේශයේ රිච්ටර් පරිමාන ඒකක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූකම්පනයෙන් ගොඩනැගිලි 130 කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. ආපදාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළා. අවදානම් සහිත ස්ථානවලින් ඉවත් වන ලෙසද එරට බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.