fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බග්ඩාඩිගේ බිරින්දෑවරුන් සහ ළමයින් 11 දෙනෙකු ඇමෙරිකා ආරක්ෂක අංශ භාරයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 12:15

බග්ඩාඩිගේ බිරින්දෑවරුන් සහ ළමයින් 11 දෙනෙකු ඇමෙරිකා ආරක්ෂක අංශ භාරයට

සිරියාවේ ඉඩ්ලිබ් හිදී ඇමෙරිකා හමුදා එල්ලකළ ප්‍රහාරයකදී බග්ඩාඩි සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයන් ඝාතනයට ලක්වූ බව ඉරාක බුද්ධි අංශ තහවුරු කළා. අල් බග්ඩාඩි සැඟව සිටි ස්ථානයෙන් සිය පවුල සමඟ තුර්කි දේශසීමාවට පිටත්ව යාමට ගත් උත්සාහයකදීයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

ඔහුගේ බිරින්දෑවරුන් සහ ළමයින් 11 දෙනෙකු ඇමෙරිකා ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ඔවුන් සැඟව සිටි නිවසක් ද ගුවන් ප්‍රහාරයකින් සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා.

මේ අතර IS නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්