ශ්රී ලංකා කාර්ටින් සර්කිට් බන්ඩාරගම සංගමය සංවිධාන කළ කාන්තා කාර්ටින් තරගාවලිය බණ්ඩාරගම දී පැවැත්වුණා.
බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේ පැවති තරගාවලියට ක්රිඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියා. ඒ මාස්ටර් සහ සීනියර් අංශ යටතේයි. ශෂිකා ෂෙරිල් මාස්ටර් අංශයේ ජයග්රහණය හිමි කර ගත්තා. අනුශුරතාව දිනා ගත්තේ විශාදිනි ප්රනාන්දුයි. සීනියර් තරග අංශය යටතේ අශ්මිතා වික්රම ශුරතාව දිනා ගත්තා. එම අංශයේ අනුශුරතාව තිලිනි විජේවර්ධනට හිමි වුණා. මෙම තරගාවලියෙන් ලැබෙන සියලුම මුදල් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමටයි සංවිධායකයින් තීරණය කර ඇත්තේ.