මුහුදු ප්‍රදේශ කිහිපයක් අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිණිකොන, දකුණ, නිරිත සහ බස්නාහිර මුහුදු ප්‍රදේශ ඊට ඇතුළත්.
පොතුවිල් සිට හම්බන්තොට, ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි අපේක්ෂා කරනවා. සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. එබැවින් ධීවරයන් සහ නාවික ප්‍රජාව අවදානයෙන් කටයුතු කිරිම වැදගත් බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.