fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙල සාර්ථකව නිමාවට පත්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 09:17

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙල සාර්ථකව නිමාවට පත්වෙයි

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙල ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිමාවට පත් වුණා.

පුබුදමු ජවයෙන් බදුල්ල යන තේමාව පෙරදැරි කරගනිමින් 45 වන ජාතික මහා ක්‍රිඩා උළෙළ දින හතරක් පුරා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා. මෙවර තරගාවලියේ සමස්ත පදක්කම් 258ක් හිමි කර ගත් බස්නාහිර පළාත ශුරතාව දිනා ගත්තා. රන් පදක්කම් 99ක් , රිදි පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 81ක් ඊට ඇතුලත්.  සමස්ත පදක්කම් 149ක් රැස් කර ගත් මධ්‍යම පළාතට එහි අනුශුරතාව හිමි වුණා. තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක සම්මාන හිමි කර ගත්තා. දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මනා දිනා ගත්තේ එම පළාත නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි.  ඔවුන් දෙදෙනාට එම දක්ෂතාව වෙනුවෙන් නවීන මෝටර් රථ දෙකක් මෙහිදි පිරිනැමුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 09:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්