උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙනුවෙන් තාක්ෂණය මුල්කරගත් රැකියා උත්පාදන වැඩසටහන් ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල පස්සර ප්රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක් ජනහමුව ඇමතුවා.
පාක්ෂිකයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jN_7e1ZAo-Y”]