fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවට ලකුණු 34ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:34

ඕස්ට්‍රේලියාවට ලකුණු 34ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 34කින් ජයගැනිමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. ශ්‍රී ලංකාව ලද මෙම පරාජය වාර්තා වුණේ විස්සයි විස්ස තරගයකදී ලැබු දරුණුතම පරාජය ලෙසයි.

ඇඩිලේඩ්හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඇරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සාර්ථක සබදතාවක් ගොඩනැගුවා.  නායක ඇරෝන් ෆින්ච් ලකුණු  64යි. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ඩේවිඩ් වෝනර් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කළා. ඔහු පන්දු 56කින් නොදැවි ලකුණු 100ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සදකැන් සහ දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත්තා. මෙම තරගයේදී කසුන් රාජිත සිය පන්දුවාර හතර තුලදී ලබා දුන් ලකුණු 75 විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක පන්දු යවන්නෙකු ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වනවා.    ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 02ක් පමණක් දැවි ලකුණු 233ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 05ලකුණු 50ක් තුල දී බිද වැටුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 11යි. කුසල් මෙන්ඩිස්ට ලකුණු ලබා ගැනිමට හැකියාවක් ලැබුනේ නැහැ. කිසිදු ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකුට ලකුණු විස්සේ සීමාව පසු කිරිමට හැකියාව ලැබුනේ නැහැ පන්දුයැවිමේදී ඕස්ට්‍රේලියා කන්ඩායමේ ඇඩම් සම්පා ලකුණු 14කට කඩුලු 03ක් බිද හෙලුවා. මිචෙල් ස්ට්‍රාක් ලකුණු 18ට කඩුලු 02යි. මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ ඕස්ට්‍රේලියාව එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්