නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ ධීවරයන් හත් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුන්කුඩිතිව් කුරිකට්ටුවාන් ජැටිය ආසන්නයේ දී. ඔවුන් සතුව තිබී නීතිවිරෝධි ලෙස ඇල්ලූ හක්බෙල්ලන් 70ක්, ඩිංගි යාත්රා 04ක් සහ තහනම් දැල් 03ක් සොයාගත්තා.
මෙම ධීවරයන් අවුරුදු 24ත් 51ත් අතර වයස්වල පසුවන කයිට්ස් සහ පුන්කුඩිතිව් ප්රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදී තිබෙනවා.