ඉන්දියාවේ හින්දු බැතිමතුන් දීපවාලී උත්සව සමයේ ආරම්භක දිනය ලෙස සලකන ධන්තේරා දින උත්සවයට සමගාමීව රත්රං ටොන් 30 ක් අළෙවි කර තිබෙනවා.
ඉන්දීය රත්රං හා ස්වර්ණාභරණ ජාතික සම්මේලනයේ ලේකම් සුරේන්ද්ර මේතා ප්රකාශ කළේ එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් බවයි. ලෝක වෙළෙද පොළේ රත්රං මිල ඉහළයාම සහ ඉන්දියාව රන් ආනයනයට බදු පැනවීමයි ඊට හේතුව.
පසුගිය වසර තුළ ධන්තේරා උත්සවයේදී ඉන්දියාව රත්රං ටොන් 40 ක් අළෙවි කර තිබෙනවා.