එක්සත් ජනපද හමුදා එල්ල කළ ප්රහාරයකින් අයි එස් නායක අබුබකර් අල් බග්දාඩි මිය ගොස් ඇති බව විශ්වාස කෙරෙනවා.
අයි එස් නායකයා සැඟවී සිටි වයඹ දිග සිරියාවේ ස්ථානයකට ඇමරිකානු හමුදා එල්ල කළ ප්රහාරයක දී ඔහු මිය යන්නට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මේ සම්බන්ධයෙන් ප්රකාශයක් කරන බවට ධවල මන්දිරය පැවසූවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා දී නොමැත.