fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාව සම්බන්ධයෙන් ඇමරිකා තීරණයට රුසියාවෙන් විරෝධය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 09:56

සිරියාව සම්බන්ධයෙන් ඇමරිකා තීරණයට රුසියාවෙන් විරෝධය

නැගෙනහිර සිරියාවේ තෙල්බිම් ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ වාහන සහ භට කණ්ඩායම් යෙදවීමට ඇමරිකාව ගත් තීරණයට රුසියාව විරෝධය පළකර තිබෙනවා.

මෙය සම්පත් කොල්ලකෑමක් ලෙසයි ඔවුන් පෙන්වාදෙන්නේ. එහෙත් අයිඑස් ත‍්‍රස්තවාදීන් සහ ඔවුන්ට සහය දක්වන වෙනත් කණ්ඩායම් වලින් තෙල්බිම් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගත් බවයි ඇමරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එක්ස්පර් පවසන්නේ. සිරියාවෙන් ඇමරිකා හමුදා ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් දුන් පොරොන්දුවට හාත්පසින්ම වෙනස් කි‍්‍රයාදාමයක් සිදුවෙමින් පවතින බව ද රුසියාව පෙන්වාදෙනවා. ඒ අනුව අවිනිශ්චිත හා සංකීර්ණ තත්වයක් උද්ගතවී ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඇමරිකා හමුදාවට අයත් වාහන 12 කට වැඩි සංඛ්‍යාවක් කමීෂ්ලී නගරයට මේ වනවිට ඇතුලුවී ඇති බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්